ප්‍රධාන පුවත්

කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට

අනුරාධපුර රුවන්වැලි සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.

කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට – අනුරාධපුර උපවාස භූමියේ ගැටුමක්

රාජාංගනයේ සද්ධාරතන නමැත්තාගේ නායකත්වයෙන් යුත් පිරිසක් සහ උපවාසයේ නිරත පිරිස අතර ඇති වූ ගැටුමකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් විසින් අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද (12) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය.

එම අවස්ථාවේදී භික්ෂුත්වයෙන් නෙරපා ඇති බව සඳහන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එහිදී ඇති වූ ගැටුම අතරතුර රාමාඤ්ඤ නිකාය මඟින් පසුගියදා පැවැත්වූ විනය පරීක්ෂණයකින් අනතුරුව චීවරයෙන් නෙරපා ඇති බව සඳහන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තාගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එමඟින් ඔහු තුවාල ලබා ඇත.

සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් උපවාසය පැවැත්වීම සඳහා සකස් කර තිබූ අට්ටාලය ඉවත් කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී නැවතත් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති අතර, අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button