ප්‍රධාන පුවත්

2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

 

2027 වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය සඳහා අද පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය ලෙස සැලකෙන 2027 මුදල් වර්ෂයට අදාළ යෝජනාවලිය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඔක්තෝබර් මස 07 වැනිදාය.

 

ඒ අනුව, අද දිනයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී අයවැය කතාව සිදුකිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට ආරම්භ වේ.

 

එම විවාදය දින හතක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

මේ අතර, ජනාධිපතිවරයා අයවැය කතාව සිදුකරන අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button