ප්‍රධාන පුවත්

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක් – පොලු ප්‍රහාරයකින් අයෙකුට තුවාල

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක්

අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සහ ශාසනයෙන් නෙරපූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් මෙම තත්ත්වයට හේතු වී ඇත.

එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුම අතරතුර පොලු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියාගේ හිසට තුවාල සිදුව ඇති අතර, එම තුවාලයෙන් රුධිරය වහනය වූ බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button