ප්‍රධාන පුවත්

ආර්ථික සහන පැකේජය පාර්ලිමේන්තුවට: ඉන්ධන මිල හා ජනජීවිත බලපෑම් පිළිබඳ ජනපති අනුර දිසානායකගේ ප්‍රකාශ

රජය විසින් සකස් කළ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමාන ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් දැඩි පීඩාවට ලක්ව ඇති බවයි. ඒ අනුව, රජයක් ලෙස එම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඉන්ධන මිල ගණන් ගැලපීමේදී ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු බලපෑම් ඇතිවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 ඉක්මවා ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

කෙසේ වුවත්, නිසි දත්ත ලබාගැනීමේ හිඟය හේතුවෙන් සුපර් ඩීසල් හා සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොළ තත්ත්වයට අනුව සකස් කිරීමට තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම, සෑම ඩීසල් ලීටරයක් සඳහාම රජය රුපියල් 100ක සහනයක් ලබාදීමට තීරණය කර ඇති අතර, එය මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසීය. මෙම වැඩපිළිවෙල සඳහා රජයට රුපියල් කෝටි 6,000ක පමණ මුදලක් වැය වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීම:

–    රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබා දීම.
–    රුපියල් 5,000/-ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම.
–    රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීම.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button