කාලගුණය

නායයාම් අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව අද (09) පස්වරු 4.00 සිට හෙට (10) පස්වරු 4.00 දක්වා අදාළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වේ.

කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම යටතේ පහත ප්‍රදේශ නම් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර සහ හතරලියද්ද.

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, කෑගල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක සහ වරකාපොළ.

කුරුණෑගල දිස්ත්‍රික්කය: අලව්ව.

රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර, කලවාන, ඉඹුල්පේ සහ නිවිතිගල.

අදාළ ප්‍රදේශවල ජනතාව නායයාම් අවදානම පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button