උණුසුම් පුවත්

නායයෑමේ රතු නිවේදන කළුතර, නුවරඑළිය සහ රත්නපුර ප්‍රදේශ රැසකට

නායයෑමේ රතු නිවේදන කළුතර, නුවරඑළිය සහ රත්නපුර ප්‍රදේශ රැසකට

නායයෑමේ රතු නිවේදන කළුතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අද (26) පස්වරු 6.00 සිට හෙට (27) පස්වරු 6.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදන බලපැවැත්වෙන බව සඳහන් වේ.

මට්ටම 3 – රතු නිවේදනය: වහාම ඉවත් වීමේ අනතුරු ඇඟවීම

රතු නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.

  • කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල සහ දොඩංගොඩ.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළය සහ නෝර්වුඩ්.
  • රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, ඇලපාත, අයගම, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර.

මට්ටම 2 – ඇම්බර් නිවේදනය: අවධානයෙන් සිටින්න

මෙම මට්ටමේ අනතුරු ඇඟවීම් පහත ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.

  • ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල.
  • කළුතර දිස්ත්‍රික්කය: අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර, ඉංගිරිය, මදුරාවල සහ මතුගම.
  • මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, උඩපාලත සහ යටිනුවර.
  • කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, ගලිගමුව, අරණායක, දැරණියගල, දෙහිඕවිට, යටියන්තොට, වරකාපොළ සහ බුලත්කොහුපිටිය.
  • කුරුණෑගල දිස්ත්‍රික්කය: කුරුණෑගල.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර.
  • රත්නපුර දිස්ත්‍රික්කය: බලංගොඩ, කිරිඇල්ල, නිවිතිගල, කළවාන, ඇහැලියගොඩ සහ ගොඩකවෙල.

මට්ටම 1 – කහ නිවේදනය: දැනුවත්ව නිරීක්ෂණයෙන් සිටින්න

කහ මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ,

  • කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක සහ පාදුක්ක.
  • ගාල්ල දිස්ත්‍රික්කය: තවලම, නෙළුව, නියගම, ඇල්පිටිය සහ කරන්දෙණිය.
  • කළුතර දිස්ත්‍රික්කය: බේරුවල සහ හොරණ.
  • මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, හතරලියද්ද, තුම්පනේ, ගඟවට කෝරළය, උඩදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ සහ මැදදුම්බර.
  • කුරුණෑගල දිස්ත්‍රික්කය: මාවතගම, අලව්ව සහ නාරම්මල.
  • මාතර දිස්ත්‍රික්කය: පිටබැද්දර සහ කොටපොළ.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: නුවරඑළිය සහ තලවකැලේ.
  • රත්නපුර දිස්ත්‍රික්කය: කහවත්ත, වැලිගෙපොළ, කොලොන්න සහ ඉඹුල්පේ.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ට විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ. පස් කණ්ඩි කඩා වැටීම, ගස් ඇලවීම හෝ ගැලවී යාම, ජල මට්ටම් ඉහළ යාම සහ වෙනත් නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ප්‍රමාද නොවී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසද බලධාරීන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button