ප්‍රධාන පුවත්

2025/2026 මහ කන්නයට වී කිලෝව රු.120 – 140 අතර රජය ස්ථිර මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

2025–2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අදාළ ස්ථිර මිල ගණන් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ බව අනාවරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හි පැවැති මාධ්‍ය හමුවකදීය.

නව මිල ගණන් අනුව,

කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට,

සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට,

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට

රජය විසින් මිලදී ගැනීමට නියමිත වේ.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙම තීරණය හරහා ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීමත්, දේශීය වී වෙළඳපොළ ස්ථාවර කර ගැනීමත් රජයේ අරමුණ බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button