උණුසුම් පුවත්

ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පුටු ලබාගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ කොන්ත්‍රාත්තුව සඳහා නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර, තම හිතවතෙකුට එම කොන්ත්‍රාත්තුව ලබාදීම හරහා රුපියල් ලක්ෂ 74ක පාඩුවක් සිදුකළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button