උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අගෝස්තු මාසයටත් වෙනසක් නොමැතිව පවතී

අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබේ.

එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, 2026 අගෝස්තු මාසය සඳහා දැනට ක්‍රියාත්මක වන ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන අතර එම මිල ගණන් තවදුරටත් වලංගු වේ.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය – රු. 4,465

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය – රු. 1,792

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය – රු. 835

ලෙස මිල ගණන් පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලිට්‍රෝ ගෑස් මිල ස්ථාවරව පවත්වා ගැනීම මඟින් වර්තමාන ආර්ථික තත්ත්වය තුළ පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවද එම සමාගම පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button