අධ්‍යාපන

2027 සිට දිවයිනටම ඒකාබද්ධ පෙර පාසල් ක්‍රමයක්

2027 වසර වන විට ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පළ කළේ මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මුල් ළමාවිය අධ්‍යාපනය රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය සමඟ සම්බන්ධ වී ඉදිරියට ගමන් කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරිය, එම ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සක්‍රීය දායකත්වය ද අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය.

මෙරට පෙර පාසල් අධ්‍යාපනය මේ වන විටත් විධිමත් රාජ්‍ය සේවාවක් ලෙස ස්ථාපිත වී නොමැති අතර, එය බොහෝ දුරට අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඇය පෙන්වා දුන්නාය.

එසේම පෙර පාසල් ගුරුවරුන් බඳවා ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටියක් නොමැති බවත්, ඔවුන්ගේ සේවා කටයුතු නිරීක්ෂණය සහ නියාමනය කිරීම සඳහා වගකිව යුතු නිශ්චිත ආයතනික ව්‍යුහයක් ද නොමැති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button