
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අදාළ ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට බලය හිමි මෙම සභාවේ කටයුතු අත්හිටුවීමට හේතු වී ඇත්තේ ජනතාවට සැපයිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කළ මුදල් නිසි ලෙස භාවිත නොකිරීම බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර ඇත. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සභිකයන් ප්‍රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න එහිදී සොයා බැලීමට නියමිතය.
එමෙන්ම, අත්හිටුවා ඇති සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ එහි කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත් කිරීමට ද පියවර ගෙන තිබේ.



