උණුසුම් පුවත්

2026 අප්‍රේල් සිට විදුලි ගාස්තු ඉහළට – ඒකක අනුව නව බිල් වැඩිවීමක්

2026 වසරේ දෙවන කාර්තුවට අදාළව විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) එකමතිකව තීරණය කර ඇත. මෙම නව ගාස්තු ව්‍යවස්ථාව අප්‍රේල් 1 වනදා සිට බලපැවැත්වේ.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 13.56%ක සමස්ත ගාස්තු වැඩිවීමක් යෝජනා කර තිබූ අතර, එය සලකා බැලීමෙන් පසු ඒකක අනුව වෙනස් වන ලෙස ගාස්තු ඉහළ දමා ඇත.

ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා බලපාන නව සංශෝධන අනුව,

ඒකක 0–30 කාණ්ඩයේ ගාස්තු 4.3%කින් ඉහළ ගොස්, මාසිකව රු.15ක පමණ වැඩිවීමක් සිදුවේ.

ඒකක 31–60 කාණ්ඩය සඳහා 6.9%ක ඉහළ දැමීමක් සිදු කර ඇති අතර, මාසික බිල රු.45කින් වැඩිවේ.

ඒකක 61–90 (91 දක්වා) පරිභෝජනයටද 6.9%ක වැඩිවීමක් යටතේ රු.120ක පමණ අමතර බරක් ඇතිවේ.

ඒකක 91–180 කාණ්ඩය සඳහා 7.1%කින් ගාස්තු ඉහළ ගොස්, මාසිකව රු.420ක වැඩිවීමක් වාර්තා වේ.

ඒකක 180 ඉක්මවන පරිභෝජනය සඳහා 25%ක විශාල ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කර ඇත.

එසේම ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විශේෂ සහන සලසා ඇති අතර, මාසික ඒකක පරිභෝජනය 180ට අඩු නම් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවේ. එහෙත් ඒකක 180 ඉක්මවූ පරිභෝජනය සඳහා 9.6%ක වැඩිවීමක් අදාළ වේ.

අනෙක් කාණ්ඩවලදී,

පොදු සේවා සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා 8%කින් ගාස්තු ඉහළ දමා ඇත.

කර්මාන්ත අංශයට 8.7%ක සීමාවක් යටතේ වැඩිවීමක් අනුමත කර ඇත.

රාජ්‍ය ආයතන සඳහා 14.1%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමටද තීරණය කර ඇත.

මෙම සංශෝධනය හරහා විදුලි පාරිභෝගිකයින්ගේ මාසික බිලට වෙනස්කම් ඇති වන අතර, විශේෂයෙන් වැඩි ඒකක භාවිතා කරන පවුල් සහ ආයතනට වැඩි බලපෑමක් ඇතිවනු ඇත.

 

 

ගෘහස්ත අංශයේ එක් එක් පාරිභෝගික කාණ්ඩ සඳහා විදුලි ගාස්තු ඉහළ යාමේ

ප්‍රතිශතය පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button