
වියළි කාලගුණයේ පාසල් පවත්වාගෙන යාම – අධ්‍යාපන අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශ
වියළි සහ උෂ්ණත්වය වැඩිවූ කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රියාකාරකම් ආරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. මෙම නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත යොමු කර තිබේ.
උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය අවදානම් සහ ප්‍රථමාධාර
උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ සිසුන්ට සහ ගුරුවරුන්ට හටගත හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය.
1. Heat Cramps (මස්පිඬු පෙරලීම)
ලක්ෂණ: අත්, පා සහ උදරයේ වේදනාව, පෙරලීම
ප්‍රථමාධාර:
ක්‍රියාකාරකම් නවතා සිසිල් ස්ථානයක විවේක ගැනීම
සෑම මිනිත්තු 15කටම වරක් ජලය පානය කිරීම
2. Heat Exhaustion (අධික මහන්සිය)
ලක්ෂණ: අධික දහදිය, ශරීර දුර්වලතාව, ක්ලාන්තය
ප්‍රථමාධාර:
සිසිල් ස්ථානයක විවේක ගැනීම
ජලය බොහෝ ලෙස පානය කිරීම
සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම
3. Heat Stroke (උෂ්ණාඝාතය – අවදානම් තත්ත්වයක්)
ලක්ෂණ: අධික උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම, සිහිමද, හිසරදය
ප්‍රථමාධාර:
සිසිල් ස්ථානයකට ගෙන යාම
තද ඇඳුම් ඉවත් කිරීම
වහාම වෛද්‍ය උපකාර ලබා ගැනීම (1990 සුව සැරිය අමතන්න)
පාසල් ක්‍රියාකාරකම් සඳහා උපදෙස්
අධික උෂ්ණත්වය සහිත දිනවල එළිමහන් ක්‍රීඩා හා ක්‍රියාකාරකම් සීමා කළ යුතුය
විවේක කාලවලදී දැඩි හිරු එළියෙන් වැළකී සිටීම වැදගත්ය
වැඩි ජල පාන සහ කෙටි විවේක කාල ලබාදීම සුදුසුය
දහවල් කාලයේදී අනවශ්යයෙන් සිසුන් පිටතට ගෙනයාමෙන් වැළකිය යුතුය
ප්‍රාදේශීය කාලගුණයට අනුව ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහන් සැලසුම් කළ යුතුය
පාසල් පහසුකම් සකස් කිරීම
පිරිසිදු ජලය ප්‍රමාණවත් ලෙස ලබාදීම අනිවාර්යය
ජල හිඟයක් ඇත්නම් විකල්ප ක්‍රම සකස් කළ යුතුය
පන්ති කාමරවල හොඳ වාතාශ්‍රය සලසා දොර ජනෙල් විවෘතව තැබිය යුතුය
අධික උෂ්ණත්ව ගොඩනැගිලිවල පන්ති වෙනත් සුදුසු ස්ථාන වෙත මාරු කිරීම
සිසුන්ගේ පුද්ගලික ආරක්ෂාව
ටයි පටිය ලිහිල් කිරීම හෝ භාවිතය අවම කිරීම
හිස් වැසුම් හෝ කුඩ භාවිතයෙන් හිරු ආවරණය ලබාගැනීම
ළා පැහැති, ලිහිල් කපු ඇඳුම් භාවිත කිරීම
නිවසෙන් යනවිට ජල බෝතලයක් රැගෙන යාම
තැඹිලි, කුරුම්බා වැනි ස්වභාවික පාන භාවිතය වැඩි කිරීම
සීනි අධික බීම වලින් වැළකීම
අධික රස්නයේදී මුහුණ හා අත්පා සිසිල් ජලයෙන් තෙමීම
අසනීප ලක්ෂණ පෙනුනහොත් වහාම ගුරුවරුන්ට දැනුම්දීම
වැදගත් අවවාදය
උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු සැලකිය යුතු මට්ටමේ වර්ධනය විය හැකි බැවින්, පාසල් පරිපාලනය, ගුරුවරුන් සහ දෙමාපියන් සියලු දෙනාම මෙම උපදෙස් දැඩිව අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.



