
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් 67ක් – අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට පෙත්සම් 05ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ.
22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළ කරුණු මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
පෙත්සම් 72ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පැවැත්වේ.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් වෙති.
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සම් 05ක් ගොනුකර තිබේ.
ඒ අනුව, පනත් කෙටුම්පත් දෙකට අදාළව පෙත්සම් 72ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබේ.



