
පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් – බලංගොඩ පොලිසියෙන් විමර්ශන
බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකි.
උපකාරක පන්තියකට ගිය පසු අතුරුදන්
ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටත්ව ගොස් ඇති සිසුවියන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ නොමැති බව ඔවුන්ගේ දෙමාපියන් පොලීසියට දැනුම් දී ඇත.
අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම බලංගොඩ පොලිසියට හෝ ඔවුන්ගේ දෙමාපියන් වෙත දැනුම් දෙන ලෙස පොලීසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222
දෙමාපියන්ගේ දුරකථන අංක: 076-7070913 / 077-1658788
සිසුවියන් තිදෙනා සොයා ගැනීම සඳහා බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



