
උණුසුම් පුවත්
හෝමාගම හෝටලයක සිසුන් අතර ගැටුමක් – 19 හැවිරිදි සිසුවෙකු මරුට,
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ ගැටුමකින් 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ (09) රාත්‍රී එම හෝටලයේ පැවැති සාදයක් අතරතුර පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට අනාවරණය වී ඇත.
පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයෙකි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හෝමාගම පොලීසිය විසින් සිදුකරමින් පවතී.



