සෞඛ්‍යය

අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස්: උෂ්ණ කාලගුණය හමුවේ ආරක්ෂිතව ක්‍රියාකරන්න

මෙම දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් අවුරුදු උත්සව සංවිධානය කරන සහ ඒවාට සහභාගී වන සියලුදෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

විශේෂයෙන් එළිමහනේ පැවැත්වෙන ක්‍රීඩා සහ උත්සව කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පවසන්නේ, එළිමහන් ක්‍රීඩා ක්‍රියාකාරකම් හැකි ඉක්මනින්—විශේෂයෙන් උදෑසන 10ට පෙර—සම්පූර්ණ කර ගැනීම වඩාත් ආරක්ෂිත බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, උෂ්ණත්වය ඉහළ යන මෙම සමයේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී උත්සව සැලසුම් කිරීම වැදගත් බවයි.

“ඉදිරියේදී එන අවුරුදු උත්සවලදී තියෙන ගැටලුව තමයි ගමහරහා දිවීම, පාපැදි තරග ඇතුළු ජන ක්‍රීඩා තියෙනවා. එම උත්සව සංවිධාය කරන අයට කියන්න අපි කියන්න කැමතී ඒ සඳහා දවසේ සුදුසු වේලාව තොරාගන්න, එළිමහනේ හිරු එළියට නිරාවරණය වෙමින් කරන ක්‍රියාකාරකම් උදේ 10 වෙද්දි  අවසන් කර ගන්න. හවස 3.00න් පස්සේ පටන් ගන්න හවස්වරුව. ඊළඟට අපි කරන්න අවශ්‍ය දේ තමයි. මේ වගේ අවස්ථාවකදී ක්‍රිඩාවන් සඳහා සහභාගීවන අය අව්‍යකරන ප්‍රමාණයට සජලනය වෙලා, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා ඉන්න ඕනේ.  එළිමහනේ වැඩකරන කට්ටිය තේරුම් ගන්න ඕනේ අපි ආන්තික තාප අන්තරායක් අපිට වෙනවා කියලා. ඒක අදුරගන්න පුළුවන් එක දෙයක් තමයි අසාමන්‍ය විදිහට මස්පිඩු පෙරළීම. සාමන්‍යයෙන් අධික මහන්සියක් ඇතිවෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැනුන ගමන් ක්‍රීඩා සහ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වෙලා ආවරණයකට ගිහිල්ලා සිසිල් ජලය පානය කරලා තමන්ගේ ඇගේ උෂ්ණත්වය අඩුකරගන්න ඕනේ. අවුරුදු උත්සව සංවිධානය කරන අය දැන ගන්න අවශ්‍යයි සංවිධානය කරන තැන ආන්තික තාප අන්තරායවලින් ගැලවෙන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. සිසිල් ජලය, අයිස් කැට වැනි දෑ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button