ප්‍රධාන පුවත්

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ

අපගේ සම්ප්‍රදායන් තුළ සිරිතක් පමණක් නොව, ශාරීරික හා මානසික සුවයද අන්තර්ගත කරගෙන ඇති හිසතෙල් ගෑමේ නැකත, නව වසර ආරම්භය සෞභාග්‍යමත් ලෙස ආරම්භ කිරීමට අපට මඟ පෙන්වයි. එය පවුලේ එකමුතුව, සම්ප්‍රදාය හා සෞඛ්‍යය එකට බැඳී ඇති අගනා අවස්ථාවකි.

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ සුභ මොහොත හෙට (15) පෙරවරු 6:55ට යෙදී තිබේ.

එම නැකත අනුව, කොළ (පච්ච) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාවට මුහුණලා, හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් භාවිතයෙන් ස්නානය කිරීම සුදුසු බව සඳහන් වේ.

මෙම අවස්ථාවට සමගාමීව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button