ප්‍රධාන පුවත්

වෙන්නප්පුවෙන් ලක්ෂ 75කට වැඩි මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සමත්ව ඇත.

ලැබුණු විශ්වාසනීය තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම තුළ, සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සැකකරු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන ‘හයිටොප් තුෂාර’ නමින් හැඳින්වෙන පුද්ගලයාගේ ප්‍රධාන බෙදාහරින්නෙකු බවට ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button