
ප්‍රධාන පුවත්
අලුත් අවුරුදු සමයේ දින 3කින් අධිවේගී මාර්ග ආදායම රු. මිලියන 163 ඉක්මවයි
අලුත් අවුරුදු සමයත් සමඟ පසුගිය දින තුනක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 163කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවලදී පමණක් වාහන 434,338ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බවයි.
එමෙන්ම, අප්‍රේල් 12 වන දිනට පමණක් රුපියල් මිලියන 45කට අධික ආදායමක් ලැබී ඇති බවද සඳහන් වේ.
අධිවේගී මාර්ග භාවිතා කරන අතරතුර වාහන කිසියම් ආපදාවකට ලක්වුවහොත්, 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට වහාම දැනුම් දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.



