
රජයේ වන්දි මත ඉදිකළ නව නිවසක ජනපතිගේ අලුත් අවුරුදු සැමරීම
දිට්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ නිවසක් රජයේ වන්දි යටතේ නැවත ඉදිකිරීමෙන් පසු, එහි පැවැති සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ සහභාගී විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමද මෙම අවස්ථාවට සමගාමීව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම නිවස පූර්ණ හානියට පත් වූ නිවාස සඳහා ලබා දුන් වන්දි මුදල් යටතේ මාස පහක කාලයකදී ඉදිකර ඇති අතර, එය ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවන නව නිවාස හයෙන් එකක් ලෙස ද සැලකේ.
එමෙන්ම, අර්ධ හානියට පත් නිවාස 66කටද වන්දි මුදල් ගෙවීම් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලුත් අවුරුදු චාරිත්‍රවලට සහභාගී වූ අතර, ඔවුන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් ද එක් කළේය. එමෙන්ම, ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ප්‍රදේශවාසීහුද ඔහුට සිය සුබාශිංසන පිරිනැමීමට කටයුතු කළහ.



