උණුසුම් පුවත්

කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් 03 දක්වා රිමාන්ඩ්

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු සැප්තැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ එම කාලය දක්වා රිමාන්ඩ් භාරයේ පසුවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button