
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නඩුව නොවැම්බර් 02 කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 02 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (17) නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එහිදී පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්ය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුව නොවැම්බර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
එදින විමර්ශන කටයුතුවල සහ නීතිපති උපදෙස් ලබා ගැනීමේ ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



