
2027 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට
2027 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට (සැප්තැම්බර් 01) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව ගිනිඅවි බලපත්‍ර හිමි සියලු පුද්ගලයින් සහ ආයතන 2027 වර්ෂය සඳහා අදාළ බලපත්‍ර අලුත් කිරීමට කටයුතු කළ යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර සිදුකර අවසන් කළ යුතු බව දැනුම් දී තිබේ.
එම කාලසීමාව තුළ බලපත්‍රය අලුත් නොකරන ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ නීතිමය පියවර ගත හැකි බව ද සඳහන් වේ.
වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ අතර, 2026 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද දැනුම් දී තිබේ.
එබැවින් අදාළ අපහසුතා සහ නීතිමය ක්‍රියාමාර්ගවලින් වැළකීම සඳහා නියමිත කාලසීමාවට පෙර ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සිදුකර ගන්නා ලෙස මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටී.




