උණුසුම් පුවත්

හිටපු විදේශ ඇමති බෝගොල්ලාගම රිමාන්ඩ්

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් රෝහිත බෝගොල්ලාගම මහතා අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති දූෂණ චෝදනාවකට අදාළ නඩුවක් සඳහා අවස්ථා කිහිපයකදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

එම විවෘත වරෙන්තුවට අනුව අද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button