
උණුසුම් පුවත්
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8 දක්වා යළි රිමාන්ඩ්
අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ජුලි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට සැක මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ජුලි 08 වනදා ප්‍රකාශයට පත් කරන බවද අධිකරණය සඳහන් කළේය.
ඒ අනුව එදින දක්වා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මේ අතර, අදාළ විමර්ශනවලට සමගාමීව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබේ.



