ප්‍රධාන පුවත්

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ කාදිනල් සභාවට එක්වෙයි

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේගේ ආරාධනයෙන් වතිකානයේ ජුනි 26 සහ 27 දෙදින පැවති දෙවන විශේෂ කාදිනල් සභාවට සහභාගී වී තිබේ.

කතෝලික සභාව සහ ලෝකයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් කාදිනල් මණ්ඩලයේ අදහස් හා උපදෙස් ලබාගැනීම අරමුණු කරගත් මෙම උපදේශන හමුව පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශාන්ත පේදුරු බැසිලිකාවේ පැවති දිව්‍ය පූජාවකින් ආරම්භ වූ සභාවේ සැසි හතරක් VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ලෝකයේ සහ කතෝලික සභාවේ වත්මන් තත්ත්වය, සාමය ප්‍රවර්ධනය, සංගමන ක්‍රියාවලිය සහ “Magnifica Humanitas” නමැති පාප් වහන්සේගේ නව ආගමික ලේඛනය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.

සිය දීර්ඝ දේවගැති සේවා අත්දැකීම් පදනම් කරගනිමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදාළ කරුණු සම්බන්ධයෙන් සිය අදහස් පාප් වහන්සේ සහ අනෙකුත් කාදිනල්වරුන් සමඟ හුවමාරු කරගෙන තිබේ.

රටවල් රැසක් නියෝජනය කරමින් කාදිනල්වරුන් 178 දෙනෙකු මෙම විශේෂ සභාවට එක්ව සිටි අතර, එහි සමාප්ති අවස්ථාව ලෙස ජුනි 29 දින ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් ද පවත්වා ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button