
ප්‍රධාන පුවත්
ADBයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය ආධාර පැකේජයක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.
එම හදිසි ආධාර පැකේජය මඟින් කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සහ අවශ්‍ය සහන වැඩසටහන් සඳහා මූල්‍ය සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.



