
ශ්‍රී ලංකා – අමෙරිකා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා
අමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරල් Kevin B. Schneider මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර නිල හමුවක් ඊයේ (23) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ආරක්ෂාව සහ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම සඳහා අමෙරිකාව ලබාදෙන සහය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ වෘත්තීයමය අත්දැකීම් හුවමාරු කිරීම ඔස්සේ දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
නැගී එන තාක්ෂණික හා උපායමාර්ගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අනාගතයේදී සහයෝගයෙන් ක්‍රියා කළ හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House මහතා ද එක්ව සිටියේය.



