ප්‍රධාන පුවත්

පොල් පැළ සඳහා නව රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ නව පොල් වගාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් පොල් පැළ සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම රක්ෂණ ක්‍රමය මගින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නායයෑම් සහ වන අලි හානි හේතුවෙන් පොල් වගාවට සිදුවිය හැකි අලාභ සඳහා ආවරණයක් ලබාදීමට නියමිතය.

මණ්ඩලය සඳහන් කළේ, එක් පොල් පැළයක් සඳහා රුපියල් 40ක වාර්ෂික වාරිකයක් ගෙවීමෙන් රුපියල් 550ක රක්ෂණ ආවරණයක් හිමිවන බවය.

එසේම, වසර 6ක උපරිම රක්ෂිත කාලසීමාව සඳහා රුපියල් 875ක වාරිකයක් ගෙවීමෙන් එක් පොල් පැළයකට වාර්ෂිකව රුපියල් 12,450ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ හැකියාවද පවතින බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

ස්වභාවික ආපදා සහ වන අලි හානි හේතුවෙන් පොල් වගාකරුවන්ට සිදුවන ආර්ථික පාඩු අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර, ඒ හරහා වඩාත් ආරක්ෂිතව සහ ස්ථාවරව පොල් වගාව පවත්වාගෙන යාමට වගාකරුවන්ට සහාය වීම අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button