ප්‍රධාන පුවත්

ශ්‍රීපාද වන්දනා සමයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 322ක් කොටුවෙයි

ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වූ දින සිට මේ දක්වා මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හැටන් කොට්ඨාසයට අයත් හැටන්, පොල්පිටිය, ගිනිගත්හේන සහ නල්ලතන්නිය පොලිස් ස්ථාන එක්ව සිදුකළ වැටලීම් 336කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් ලක්ෂ 20යි 65,000ක දඩ මුදලක් අයකරගෙන තිබේ.

මෙම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button