උණුසුම් පුවත්

ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කර තිබේ.

අදාළ සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

එම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

එමෙන්ම අදාළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button