ප්‍රධාන පුවත්

ලෝක රන් මිල ඩොලර් 3,800න් පහළට – මෙරට රන් මිලත් රු. 3,000කින් අඩුවෙයි

 

ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ගණන්වලද අඩුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී ඇති අතර, එය ඩොලර් 3,800 සීමාවටත් පහළින් සටහන් වීම විශේෂත්වයකි.

මෙම මිල පහත වැටීමේ බලපෑම මෙරට රන් වෙළෙඳපොළටද එල්ල වී ඇති අතර, අද (18) දිනයේදී රන් පවුමක මිල රුපියල් 3,000කින් පමණ අඩු වී තිබේ.

ඒ අනුව, අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස සටහන් වන අතර, ඊයේ (17) එම මිල පැවතියේ රුපියල් 329,400ක් ලෙසය.

එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිලද අද රුපියල් 355,000ක් දක්වා පහත බැස තිබේ. ඊයේ දිනයේදී එම මිල රුපියල් 358,000ක් ලෙස සටහන් වී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button