
ප්‍රධාන පුවත්
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප් පරිත්‍යාග
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ අයදුම්පත් ඇගයීමෙන් තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළ අතර, ඒ සඳහා ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබේ.
තවද 2025 සහ 2026 වසරවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් 30 දෙනෙකුට ආසන්න පිරිසකට අධ්‍යාපනික උපකරණ ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් වැය කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 98 ඉක්මවන බව සඳහන් වේ.
මෙම අවස්ථාවට ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.



