
ව්යාපාරික
රන් මිලේ දැවැන්ත පෙරලියක් – මෙරට නව මිල ගණන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස පහළ යාමත් සමඟ මෙරට රන් මිලද රුපියල් 9,000ක පමණ අඩුවක් වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සටහන් වූ කැරට් 24 රන් පවුමක මිල අද (19) වන විට රුපියල් 382,000ක් දක්වා පහළ ගොස් ඇත. එමෙන්ම ඊයේ රුපියල් 359,700ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 351,500ක් ලෙස සටහන් වේ.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස වාර්තා වී ඇති බවද සඳහන් වේ.



