ප්‍රධාන පුවත්

ආනයන ගෙවීම් නව ගැසට්ටුව ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැහැදිලි කරයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, ආනයන ගෙවීම් ක්‍රියාවලිය විධිමත් ලෙස අධීක්ෂණය කරමින් විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටතට ගලායාම වැළැක්වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවය.

ව්‍යාජ සමාගම් ලියාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලිය යටතේ විදේශ විනිමය අනිසි ලෙස පිටතට යැවූ අවස්ථා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය.

නව ගැසට් නිවේදනය අනුව ආනයනකරුවන්ගේ ලිපිනය, බැංකු ගිණුම් අංකය, භාණ්ඩ සහ ගෙවීම් සඳහා භාවිත කරන මුදල් ඒකකය ඇතුළු සියලු තොරතුරු නිවැරදිව ලබාදිය යුතු වේ.

එමෙන්ම සෑම බැංකුවක්ම එක් එක් ගනුදෙනුව සඳහා වෙනම හඳුනාගැනීමේ අංකයක් පවත්වාගෙන යා යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button