
විදෙස්
ඉරානයේ අලුත්ම තීරනය හෝමූස් හරහා යන්න ඩොලර් මිලියන 2ක්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා වලින් එක් නෞකාවකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක ගාස්තුවක් අය කිරීමට ඉරානය තීරණය කර තිබේ.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද (22) ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා මේ පිළිබඳව අනාවරණය කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන ඉස්ලාමීය ජනරජයට අයත් බලපත්‍ර සහිත ප්‍රදේශයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එහි පාලනය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවද අවධාරණය කර ඇත.
තවද, යුද්ධ තත්ත්වයන් හේතුවෙන් වියදම් වැඩිවීම නිසා මෙම තීරණය ගනු ලැබූ බවද ඔහු සඳහන් කර ඇති බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.




