ප්‍රධාන පුවත්

විදෙස් ශ්‍රමිකයින්ගෙන් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 729ක් ශ්‍රී ලංකාවට

සංස්කරණය කළ පුවත් වාර්තාව:

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 729ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් වූ බවයි.

ඒ අනුව 2026 පෙබරවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 751.1ක් ලෙස වාර්තා වී තිබූ අතර, එයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී සුළු අඩුවක් දක්නට ලැබේ.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා මාස දෙක තුළ විදේශ සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවා ඇති මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.48ක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32ක වර්ධනයක් ලෙසද වාර්තාවේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button