උණුසුම් පුවත්

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ සිටින ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ නිවේදනයක්

සංස්කරණය කළ පුවත් වාර්තාව:

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත් සහ තිබෙරියා ඇතුළු උතුරු ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ලෙබනනය දෙසින් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම රට අභ්‍යන්තරයෙන් යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපකාරී සිදුවීම් පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙස ද ඔහු උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවල යම් අඩුවක් දක්නට ලැබෙන බව ද තානාපතිවරයා පැවසීය.

උතුරු ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින් 9,000කට අධික පිරිසක් සේවය කරන බවත්, එරට ආරක්ෂක හමුදාවන්, රජයේ මාධ්‍ය, PIBA ආයතනය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන උපදෙස් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇත.

ඕනෑම ප්‍රහාරයක් හෝ හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ ගිලන් රථ සේවාව නොමිලේ ලබාගත හැකි අතර, තමන් සිටින ස්ථානය (Location) සමග 101 අංකයට ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකි බව ද දැනුම්දී තිබේ.

අවශ්‍ය උපදෙස් හෝ සහාය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ WhatsApp අංකය 00972-559305731 සතියේ දින 7ම සම්බන්ධ කරගත හැකි බවද එම කාර්යාලය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button