
නාවුල නාලන්ද ප්රදේශයේ බස් දෙකක් ගැටී අනතුරක් – 11ක් තුවාල, එක් අයෙකු බරපතළයි
දඔුල්ල – මාතලේ ප්රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්රදේශයේ අද (26) උදෑසන 9.20ට පමණ බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් බස් රථයක් බව සඳහන් වේ.
අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් නාලන්ද ප්රාදේශීය රෝහලට සහ මාතලේ මහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබාදෙමින් සිටී. එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් වේ.
සිද්ධියෙන් පසු පෞද්ගලික බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, CTB බස් රථයේ රියදුරු පලාගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේ කථානායකවරයා ද මහනුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇති අතර, සිද්ධිය දැක තුවාලකරුවන් ඉවත් කර රෝහල්ගත කිරීමට සහාය ලබාදුන් බව ද සඳහන් වේ.
මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන නාවුල පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබයි.



