විදෙස්

වොෂින්ටන් හිල්ටන් හෝටල් වෙඩි ප්‍රහාරය: Donald Trumpට සම්බන්ධ නිලධාරීන් ඉලක්ක කළ බව සැකකරු කියයි

වොෂින්ටන් නගරයේ හිල්ටන් හෝටලයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරු විසින් සිදුකළ අනාවරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තම ඉලක්කය වූයේ Donald Trumpට සම්බන්ධ උසස් නිලධාරීන් බවයි.

අදාළ වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන අවස්ථාවේදීය. එම අවස්ථාවට Donald Trump සහ උප ජනාධිපති J. D. Vance ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් රැසක් සහභාගීව සිටියහ.

සිද්ධිය අතරතුර ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වූ අතර, සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

විමර්ශන අනුව, සැකකරු වයස අවුරුදු 31ක් වන කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විසින් වෙඩි ප්‍රහාර 5 සිට 8 අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

තවද, ඔහු උසස් අධ්‍යාපනයක් ලැබූ උපකාරක පන්ති ගුරුවරයෙකු වන අතර, ආධුනික වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙසද ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button