ප්‍රධාන පුවත්

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 සිට බලපත්‍රලාභී වාහනවලට පමණයි

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 වැනිදා සිට බලපත්‍ර හිමි වාහන සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එදින සිට වරාය පරිශ්‍රයට ඇතුළුවීම සඳහා අවසර ලබා ඇති වාහනවලට පමණක් අදාළ අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවයි.

ඒ අනුව, වරායට ඇතුළුවීම සඳහා බලපත්‍ර ලබා නොමැති අනෙකුත් වාහනවලට මෙම මාර්ගය භාවිත කිරීමට අවසර හිමි නොවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button