
1983 කළු ජූලිය ගැන සොයන්න ඇමතිනී සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාරක සභාවක්
1983 කළු ජූලිය ගැන සොයන්න ඇමතිනී සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාරක සභාවක්
1983 කළු ජූලිය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර එහි බලපෑම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.
1983 කළු ජූලිය පිළිබඳ අධ්‍යයනයට ඇමතිනී සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 11ක කාරක සභාවක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කාරක සභාව සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට මෙම විශේෂ කාරක සභාව පත්කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
1983 කළු ජූලිය සිදුවීමෙන් මෙරටට සහ ජනතාවට සිදුවූ බලපෑම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම මෙම කාරක සභාවේ ප්‍රධාන වගකීමක් වේ.
එමෙන්ම ජාතික සහජීවනය තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම එම සිදුවීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශද සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් මෙසේය.
- සරෝජා පෝල්රාජ් – (සභාපතිනිය)
- නීතිඥ හර්ෂණ නානායක්කාර – (අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය)
- එරංග ගුණසේකර – (නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය)
- මුනීර් මුලාෆර් – (ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය)
- මනෝ ගනේෂන් – (සමගි ජන බලවේගය)
- අමිර්තනාදන් අඩෛක්කලනාදන් – (ජනනායක තමිළ් තේසිය කූට්ටනි)
- ඥානමුත්තු ශ්‍රීනේසන් – (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
- ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි – (ජාතික ජන බලවේගය)
- තනුර දිනානායක – (ජාතික ජන බලවේගය)
- සේන නානායක්කාර – (ජාතික ජන බලවේගය)
- සුරංග රත්නායක – (සමගි ජන බලවේගය)
- හිරුණි විජේසිංහ – (ජාතික ජන බලවේගය)
මෙම විශේෂ කාරක සභාව මගින් සිදුකරන අධ්‍යයනයේ ප්‍රතිඵල සහ නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



