උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්න

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරලය, දොලුව සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද අනතුරු ඇඟවීමට ඇතුළත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට සහ රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය සහ තලවකැලේ යන ප්‍රදේශවලටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button