
උණුසුම් පුවත්
චාමර සම්පත් දසනායක සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන දෙසැම්බර් 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇත.
එමෙන්ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කර තිබේ.



