
උණුසුම් පුවත්
කස්සප හිමිට ඇප – පුද්ගලයින් 11 දෙනෙකුත් නිදහස්
කස්සප හිමිට ඇප ලබාදීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබේ. ඒ අනුව රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද දිනයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
අධිකරණ නියෝග නොතකමින් රුවන්වැලි මහා සෑය අසල මාරාන්තික උපවාසයක නිරතව සිටියදී කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
මෙම සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් 12 වැනිදාය.



