
උණුසුම් පුවත්
ඩයනා ගමගේ වරද පිළිගැනීමට තීරනකක් – අධිකරණයට දැනුම් දෙයි
ඩයනා ගමගේ වරද පිළිගැනීමට තීරණය කර ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඩයනා ගමගේ වරද පිළිගනී – වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට දැනුම්දීමක්
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය මෙලෙස දැනුම් දී ඇත.
අදාළ නඩුව අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න මහතා විසින් තම සේවාදායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
එම දැනුම්දීමෙන් අනතුරුව නඩු කටයුතු සුළු වේලාවකට කල් තැබීමට අධිකරණය පියවර ගෙන ඇත.



