
ප්‍රධාන පුවත්
වගා රක්ෂණය යටතේ අල හා එළවළු බෝග රැසකට ආවරණයක්
වගා රක්ෂණය යටතේ අල සහ එළවළු බෝග රැසක් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම රක්ෂණ වැඩසටහන යටතේ බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන බෝග රැසක් ආවරණය වන බව සඳහන් වේ.
මූලික රක්ෂිත මුදලින් සියයට 7ක වාරිකයක් ගෙවීමෙන් මෙම රක්ෂණ පහසුකම ලබාගත හැකි අතර, ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි හානි සහ වන අලි හානි හේතුවෙන් සිදුවන පාඩු සඳහා ගොවීන්ට වන්දි ලබාගැනීමේ හැකියාව පවතී.
ගොවීන් මුහුණදෙන වගා අවදානම් අවම කරමින් ඔවුන් කෘෂිකර්මාන්තය තුළ රඳවා ගැනීම මෙම රක්ෂණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.



