
උණුසුම් පුවත්
රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහරී
රවීන්ද්‍ර විජේගුණරත්න ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර සහ අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති නඩුවට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මීට පෙර අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව පෙනී සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, තමන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එම කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළේය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 09 වනදා යළි කැඳවීමටද අධිකරණය නියෝග කළේය.



