ප්‍රධාන පුවත්

ලෝක බැංකුවෙන් මෙරට ආර්ථිකයට නවතම අනාවැකිය

මෙරට ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වී ඇතත්, එහි යථාවත් වීම තවමත් සම්පූර්ණ වී නොමැති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

සමස්ත ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවදුරටත් පසුගාමී මට්ටමක පවතින බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර, මෙම වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය හෙවත් GDP සියයට 4.4කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, එම ආර්ථික වර්ධන වේගය ලබන වසරේදී සියයට 4.2ක් දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button